මුන්නේස්වරම් ගහලයා වැඩට බසී


විරෝධතා ද එල්ල වී අධිකරණයට ද ගොස් ඇතත් හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පූජාව අඟහරුවාදා (13)  පැවැත්වීමට දේවාල භාරකාර මණ්ඩලය සැරැසෙයි. සඳුදා වන විට එළුවන් හත් දෙනකු ද කකුළන් 14 දෙනකු ද ඒ සඳහා ගෙනැවිත්  තුබූ බවත් එම ප‍්‍රමාණය වැඩි විය හැකි බවත් කියති. ප‍්‍රබල සංවිධාන දහයක් මේ පූජාවට විරෝධය දක්වති. ගිය වසරේ එළුවෝ 47 දෙනෙක් ද කුකුලෝ 70 දෙනෙක් ද බෙලි කැපීමට ලක් වූහ.