මුන්දලමේ බඹර ප්‍රහාරයකින් 50 ක් රෝහලේ


(ජුඩ් සමන්ත,හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම - විජය කටුපත - විජය ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ සීල් සමාදම් වී සිටි පිරිසකට අද (10) බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 50 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත.

බඹර ප්‍රහාරයට ලක්වූ විජයකටුපත - විජය ශ්‍රී  වර්ධනාගාරමයේ විහාරාධිපති පුජ්‍යය පාන්කුලාවේ මුදිතානන්ද හිමියන් ඇතුළු 40 දෙනෙකු හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර,තවත් 10 දෙනෙකු ආනවිළුන්දාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

බඹර ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇති අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන්ද වන බව රෝහල් ආරංචි මාර්ග කියයි.