
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම නගරය ආසන්නයෙ දී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවු දරුණු රිය අනතුරකින් දස දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය කියයි.
අනුරාධපුර සිට මිගමුව බලා ගමන් ගන්නා මෝටර් රථයක් හා හලාවත සිට මුන්දලම බලා එමින් තිබු මෝටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටි අනතුරට ලක්ව තිබුණි.
මෙම අනතුරින් කුඩා දරුවන් තිදෙනකු හා කාන්තාවන් පස් දෙනකු හා සමග පිරිමි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
අනතුරීන් තුවාල ලැබු පිරිස කඩිනමින් මුන්දලම රෝහලට ඇතුළත් කිරීමේන් පසු කඩිනමින් ගිලන් රථ තුනකින් හලාවත මහ රෝහල වෙත යැවිමට කටයුතු කර තිබුනී.

