මුද්‍රණාලයේ ප්‍රමාදයෙන් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම කල්යයි


 

 
(අමල් වික්‍රමරත්න)


 පළාත්  පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (11) ආරම්භ කිරීමට නියමිතව තිබු  තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අනිද්දා (13) දක්වා කල් තැබීමට පියවර ගත් බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තැපැල් ඡන්ද පත්‍රිකා සමඟ ඡන්ද දායකයින් වෙත යැවීමට නියමිත අපේක්ෂක නාම ලේඛනය රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් එම කටයුතු කල් දැමීමට පියවර ගත් බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන 13 වැනි දා සිදු කෙරෙන අතර උතුරු පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ 12 වැනි දිනට නියම කර තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු ඒ ආකාරයෙන්ම  සිදු කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.