මුදල් යන්ත්‍රයෙන් කෝටියක් ඉස්සූ තුනක් මාට්ටු


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පෞද්ගලික බැංකුවකට අයත් මදුරන්කුලියේ ස්වංක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයකින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනිමේ සිද්දියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සමග අනු දෙලක්ෂ හැත්තෑ දහසකට ආසන්න මුදලක්‍ෙ පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් හා මදුරන්කුලිය පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුක දී අත් අත්ඩංගුවට ගත් බව කියයි.

අදාල ස්වයංක්‍රිය මුදල් හුවමාරු යන්ත්‍රය නඩත්තු කිරිමේ සේවකයන් ලෙස පෙනි සිටිමින් පසුගිය 7 දින රාත්‍රියෙ රුපියල් ලක්ෂ 105 කට ආසන්න මුදලක් කිසිවකුට සැක නොසිතන අයුරීන් ඉබි යතුරු භාවිතා කර අදාල රහස් අංකද නිසි ලෙස භාවිතා කරමින් සොරා ගෙන ගොස් තිබු බව කියයි.

එහි මුලික විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් ආරම්භ කර තිබු අතර ඉන් පසුව මෙහි ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශණ ඒකකය යටතට පත් කළේය.

ඒ අනුව අදාල මංකොල්ලය සිදුකර දින 10 ක් ගත වෙන්නට මත්තෙන් මෙම කොල්ලය මෙහෙයවු ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සමග ඔවුන්ට සහාය දැක්වු සැකකරුවකු ඇතුළු තිදෙනකු මෙසේ අත් අඩංගුවට ගැනිමට ගෙන ඇත.