මුදල් ගෙවීමේ වාර්තාවක් ඉල්ලා තවත් ඇලෝසියස් කෙනෙකුට අධිකරණයට එන්න කියයි


 

(නිමන්ති රණසිංහ)

පර්පචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම විසින් බාහිර තැනැත්තන් සහ සමාගම් වෙත ලබාදෙන ලද මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබා නොදීම සම්බන්ධයෙන් පී.ටී.එල් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ජුලි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය.