
(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාව මගින් එළබෙන දීපාවලී සමය වෙනුවෙන් හැටන් තරු චතුරශ්‍රය අසළ තාවකාලිකව වෙළදාම් කිරිම සදහා කැදවා තිබූ ටෙන්ඩර් පත් විවෘත කිරිම මුදල් කමිටුවේ සාමාජිකයන් වර්ජනය කිරිම හේතුවෙන් ටෙන්ඩර් පත් විවෘත කිරිම හෙටට කල් තැබු බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පැවසීය.
හැටන් නගරයේ තරු චතුරශ්‍රය අසළ ඉඩම් කැබලි 130ක කොටසක් තාවකාලික වෙළදාම් කිරිම සදහා ටෙන්ඩර් පත් කැදවා තිබූ අතර, එම ටෙන්ඩර් පත් (02) දින නගර සභාවේ සහාපති, ලේකම්, නිළධාරින් සහ මුදල් කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ විවෘත කිරිමට නියමිතව තිබුණි.
නගර සභාවේ මුදල් කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ටෙන්ඩර් පත් විවෘත කිරිමේ අවස්ථාවට අනිවාර්යයෙන් සිටිය යුතු බවත්, එම මන්ත්‍රිවරුන් නොමැතිව ටෙන්ඩර් පත් විවෘත කිරිම නීත්‍යානුකූල නොවන නිසා ටෙන්ඩර් පත් විවෘත කිරිම (03) දින දක්වා කල් තැබූ බවත්, ටෙන්ඩර් පත් කැදවීමට ප්‍රථම එම ඉඩම් වල රජයේ තක්සේරු වාර්ථාවක් කැදවා එම ඉඩම් කැබලිවලට ටෙන්ඩර් පත් කැදවු බවයි නගර සභාවේ සභාපතිවරයා අප කළ විමසුමකට කියා සිටියේය.



