
(ටී.කේ.ජී.කපිල)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
මුදල් අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද එම ගමනට එක් වී තිබුණි .
එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලුයම 2.55 පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා ඔවුහු පිටත්ව ගියහ.

