මුදලට තරග පාවාදීමේ වරදට බට් - අසීෆ් - අමීර් සිරගෙදරට


මුදලට තරග අවස්ථා පාවාදීමේ චෝදනාවට වරදකරුවන් වූ පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට්ට මාස 30 ක ද, හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩකයන් වන මොහොමඞ් අසීෆ්ට මාස 12 ක ද, මොහොමඞ් අමීර්ට මාස 6 ක ද ලෙස සිරදඩුවම් ලබාදීමට එංගලන්ත අධිකරණය අද (3) තීරණය කළේය. ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය වසරේ අගෝස්තු මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී තරග අවස්ථා පාවා දුන්නේ යැයි මෙම ක‍්‍රීඩකයන් තිදෙනාට චෝදනා එල්ල විය. මෙම තරගයේදී සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් සැළසුම් සහගතව නිපන්දු යැවූ බවට සනාථ වූ අතර මොහොමඞ් අමීර් වරද පිළිගත්තේය. මෙම ක‍්‍රීඩකයන් තිදෙනාට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව වසර පහක ක‍්‍රිකට් තහනමක් පනවා තිබේ.