මුතුහෙට්ටිගමගේ බිරියගේ වාහනයේ ස්ටිකර් පොලිසියෙන් ගලවයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස අද නාමයොජනා බාරදුන් හිටපු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ බිරිය ගමන් කළ ජීප් රථයක තිබූ සියලු ස්ටිකර් අද ගාල්ල පොලිසියේ නිලධාරීහු ගලවා දැමුහ.

ජීප් රියේ රියදුරා සහ මුතුහෙට්ටිගම මහතාගේ බිරිඳ සිටියාය. මේ අතර අවසර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ගිය රථයක් ද අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. එම රථය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ බවත් තරාතිරම හා පක්ෂ පාට නොබලා මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කියයි.

අපේක්ෂකයාගේ රියේ අපේක්ෂකයා සිටින විට පමණක් ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අවසර ඇත.

WP_20150713_12_13_53_Pro(2) - Copy