
(විනීතා එම් ගමගේ)
උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු ඉදිරි මාස තුන ඇතුළත අවසන් කර බාර දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොළඹ අග නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට උපදෙස් දී ඇත.
ලන්දේසි යුගයේ ඉදිකරන ලද මේ වනවිට වසර 225 කට වඩා පැරණි මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගය මීටර් 778 ක් දිගින් යුතු අතර මීටර් තුන විෂ්කම්භයකින් යුක්තය.
අලුත් මාවත ප්‍රධාන ඇළ මාර්ගය අසලින් ආරම්භ වන මෙම නව උමඟ අවසන් වන්නේ මෝදර ධීවර වරාය අසලිනි. මේ වනවිට උමං මාර්ගය ඉදිකර අවසන් වන අතර දැනට අවසන් කිරීමට ඇත්තේ මෝදර ධීවර වරාය අසලින් මුහුදට වැටෙන ස්ථානයේ වැඩකටයුතු පමණි.
මෙකී භූගත උමං මාර්ගයෙන් තත්ත්පරයකට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදා හැරිය හැකි බැවින් මෙහි ඉදිකිරීම් අවසන් වීමෙන් පසු කොළඹ ගංවතුර ඇතිවීම පාලනය වනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.
මෙතෙක් පැවැති පැරණි උමග මීටර් 1.8 පළලැති අතර කොළඹ පවතින ගංවතුර තත්ත්වයේ දී එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් බ්ලූමැන්ඩල් සහ අලුත් මාවත ප්‍රදේශයන්හි කුඩා වර්ෂාවක දී වුවද ජල ගැලීම්වලට ලක්වන බැවින් පවුල් රාශියක් අවතැන් වෙමින් සිටිති.
2010 වසරේ පාර්ලිමේන්තු සංකිර්ණය ජලයෙන් යට විමෙන් පසු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ අනුව 2013 වසරේ ආරම්භ කළ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ 2013 වසරේ දීය.
ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් මෙම ව්‍යාපෘතියේ මුලු වටිනාකමින් ඇමරිකානු ඩොලර් 213 ක් ලෝක බැංකුවෙන් සහනදායි ණය පදනම මත ලැබී ඇති අතර ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 108 ක් මේ සඳහා ආයෝජනය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා නව මුතුවැල්ල අලුත් මාවත ග්‍රාම නිලධාරි වසමේ ජීවත්වන පවුල් දැනුවත් කර ඇති අතර පවුල් 150 කට අයත් ඉඩම් හෙක්ටයාර් 1.719 ක ප්‍රමාණයක් පවරා ගෙන ඇති අතර එසේ පවරා ගැනීම හේතුවෙන් නිවාස හා ඉඩම් අහිමි වූවන්ට නිවාස හා වන්දි ගෙවීමට රුපියල් මිලියන 647 ක පිරිවැයක් දරා ඇති අතර නිවාස අහිමි වූ අනවසර පවුල් 63 ක් සඳහා මෙත් සඳ සෙවන නිවාස සංකිර්ණයනේ නිවාස ලබා දී තිබේ.

