මුතුරාජවෙල ජරා වතුරෙන් කසිප්පු පෙරයි


මුතුරාජවෙල රක්ෂිතයේ වගුරු බිමක සකස් කර තිබු විශාල පොකුනක  අපිරිසිදු ජලය භාවිතා කරමින්   පවත්වා ගෙන ගොස් තිබු මහා පරිමාණයේ නීති විරෝධි කසිප්පු ස්ප්‍රිතු ස්කාගාරයක් වටලා රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුතු  කසිප්පු ස්ප්‍රීතු බෝතල් 2500 ක් සහ  පෙරීමේ උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

සැකකරුවෝ ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක හා 34 ක වයසේ පසුවෙන පුද්ගලයන් දෙදෙනෙකි.  එහි හිමිකරු මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් , මිට සති දෙකකට පමණ පෙර මෙම ස්ථානයේ මෙම  කසිප්පු පෙරුම් හල  ආරම්භ කල බවත් සුරාබදු නිලධාරීන්ගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ සැකකරුවෝ  පවසා ඇත.

මේ පිළිබඳව  ලැබි තිබු තොරතුරක් මත  සුරාබදු නිලධාරීහු දින තුනක පමණ කාලයක් මෙම ප්‍රදේශයේ නිදිවර්ජිතව රැක සිට කසිප්පු ප්‍රවාහනයට පැමිනි වෑන් රථයක් පසුපස සුක්ෂම අයුරින් ගොස්  අදාල කසිප්පු ස්කාගාරය පිහිටි ප්‍රදේශය අනාවරනය කරගෙන අළුයම තුනට පමන මෙම වැටලිම සිදුකර ඇත.

එය  වටලන අවස්ථාවේදි  රියදුරා  වෑන් රථය රැගෙන පලාගොස් ඇත්තේ අවට විදුලි කනුවක හා නිවාස සහ  තාප්ප වලද  ගැටෙන පරිදි බව සුරාබදු නිලධාරීහු කියති.

එම ස්ථානයේ  ප්‍රවාහනයට සුදානම් කර තිබු කසිප්පු ස්ප්‍රිතු බෝතල් 900 ක් අඩංගු පොලිතින් මළු 18 ක් තිබි ඇති අතර ඒවා ප්‍රවාහනයට වෑන් රථය පැමින ඇත.  එහි නිෂ්පාදනය කර තිබු තවත් කසිප්පු ස්ප්‍රිතු බෝතල් 1600 ක් බුලි වල අසුරා තිබියදි නිලධාරින් සොයා ගෙන ඇත.

මේවා  කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට බෙදා හරින බවට සැකකරුවන් පවසා ඇත.

ස්කාගාරය වටලන අවස්ථාවේදි කසිප්පු පෙරිමට යොදා ගන්නා ගෝඩා බැරල් 15 ක් ද , තඹ දඟර 16 ක් ද සොයා ගෙන ඇත. අත් අඩංගුවට ගෙන ඇති මුළු කසිප්පු ස්ප්‍රිතු ප්‍රමාණය බෝතල් 2500 කි. ගෝඩා ලිටර් 3000 කි.

මෙම ස්කාගාරයට මිටර් 50 ක් පමණ ආසන්නයේ ජනතාව පදිංචි නිවාස පිහිටි ජනාකිර්ණ ප්‍රදේශයක් පවතින  අතර, ස්කාගාරය මුතුරාජ වෙල රක්ෂිතයේ වගුරු බිමක සකස් කර තිබු විශාල පොකුනක් ආසන්නයේ පවත්වා ගෙන ගොස් ඇත.

ගෝඩා නිෂ්පාදනයට එම ජලාශයේ අපිරිසිදු ජලය භාවිතා කර ඇති බව සුරාබදු නිලධාරීහු කියති. කසිප්පු නිෂ්පාදනයට යොදා ගන්නා තඹ දගර එම ජලාශයේ ගිල්වා තිබියදි නිලධාරින් විසින් සොයාගෙන ඇත.

ස්ප්‍රීතු පෙරිමෙන් පසු ඉවත ලන ගෝඩා එම ප්‍රදේශය පුරා පැතිරි යාමෙන් විශාල පරිසර හානියක් සිදු වි ඇති බවත් රක්ෂිතයේ කඩොලාන පරිසරයට හානි කරමින් මෙම ව්‍යාපාරය පවත්වා ගෙන ගොස් ඇති බවත් නිලධාරින්ට නිරික්ෂනය වි ඇත.

කසිප්පු නිෂ්පාදනය සදහා ඉන්ධන ලෙස කජුලෙලි සහ ලි කොට යොදා ගෙන ඇත.

මෙම වැටලිම සුරාබදු අපරාධ අංශයේ  විශේෂ නිලධාරින් පස් දෙනෙකු විසින් සිදුකර ඇති අතර පසුව එම ස්ථානයට නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) ජේ .පුෂ්පකුමාර සිල්වා මහතා ඇතුළු තවත් නිලධාරින් 25 දෙනෙකුගේ කන්ඩායමක් සහයට පැමිණ ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර ඇති මත්ද්‍රව්‍ය නිවාරන මාසය තුල  මහාපරිමාන වැටලිම් කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුනවර්ධන මහතා නිලධාරින් ට ලබා දි ඇති උපදෙස් මත මෙම වැටලිම සුරාබදු දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය භාර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජේ.පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙයවිම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් මහතා  ඇතුළු විශේෂ  නිලධාරි කන්ඩායමක් විසින් සිදු කර ඇත.

 DSC01255 DSC01263 DSC01266 DSC01268 DSC01276-1 DSC01291 DSC01295

kaleliya1 kaleliya2