මුජිබර් රහුමාන්ටත් කොවිඩ්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී කෙසේ වෙතත් තමා ඊයේ සහ පෙරේදා පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූ බව මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය .