සිම්බාබ්වේ හි පාලක පක්ෂය වන සිම්බාබ්වේ අපි‍්‍රකා ජාතික සංගමය - දේශහිතෛශී පෙරමුණ අද (19) පවත්වනු ලබන විශේෂ හමුවකින් පසු එම පක්ෂයේ නායක, වර්තමාන සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ, පක්ෂ නායකත්වයෙන් පහ කෙරෙනු ඇතැයි එරට ආරංචි කියයි.
බලයෙන් පහ කැරුනු සිම්බාබ්බේ උප ජනපති එමර්සන් මනන්ගාවා නැවත ඔහුගේ තනතුරෙහි පිහිටුවීමත්, සිම්බාබ්වේ අපි‍්‍රකා ජාතික සංගමය - දේශහිතෛශී පෙරමුණ පක්ෂයේ කාන්තා ලීගයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන මුගාබේගේ බිරිද වන ගේ‍්‍රස් මුගාබේ එම තනතුරින් ඉවත් කිරීමත්, මෙම හමුවේ දී සිදුවනු ඇතැයි සදහන්ය.
මෙම රැස්වීමට සහභාගීවීමට යමින් සිටිය දී මාධ්‍ය ඇමතූ සිම්බාබ්වේ විමුක්ති අරගලයට දායකත්වය දුන් ජේ්‍ය්ෂඨ හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක නායකත්වය දරන කි‍්‍රස් මුට්සන්ගාවා පවසා සිටියේ මෙවර නම් අවසානය දක්වාම යන බවය.ඉල්ලා අස්වී රටින් පිටවීමට මුගාබේ කටයුතු කළ යුතුව ඇතැයි ඔහුගේ අදහස වූ අතර, එසේ වුව ද, යන්තම් හෝ ඔහු යථාර්ථයේ කටුකත්වය අත්විදිය යුතුව ඇතැයි මුට්සන්ගාවා කීවේ ය.

