හරාරේහිදීය (රොයිටර්)
සිම්බාබ්වේ පාලක පක්ෂය රොබට් මුගාබේ එම පක්ෂ නායකත්වයෙන් ඉවත් කර තිබෙන අතර ඔහුට ජනාධිපතිධුරයෙන් ඉවත් වීම සඳහා පැය 24 ක කාලයක් ලබා දී තිබේ. එසේ නොවූවහොත් 93 වැනි වියේ පසුවන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද එම පක්ෂය තීරණය කර ඇත.
මුගාබේ ජනාධිපතිවරයාගේ 37 වසරක පාලනය අවසන් කිරීමේ අරමුණින් පසුගිය දා සිම්බාබ්වේ හමුදා රාජ්‍ය මාධ්‍ය සියතට ගනිමින් මුගාබේ සිර අඩස්සියට ගත්තේය. එපමණක් නොව එය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් මුගාබේ ජනාධිපතිවරයා වටා සිටිනා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් හමුදා ප්‍රකාශයක් කරමින් කීය.
වසර 1980 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමෙන් පසු මේ දක්වා පක්ෂයේත් සිම්බාබ්වේ දේශයෙත් බලය හෙබවූයේත් රොබට් මුගාබේය. ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ හිටපු උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා සානු පී.එෆ් පක්ෂ නායකත්වයට පත්ව තිබේ.
රොබට් මුගාබේ මේ මස මුලදී එමර්සන් උප ජනාධිපතිධුරයෙන් ඉවත් කරමින් තම බිරිඳ වන ග්‍රේස් මුගාබේ, ජනාධිපති මුගාබේ අනුප්‍රාප්තිකයා වීමට මාර්ගය විවර කළේය. රටේ පාලන කටයුතුවලට හමුදාවට මැදිහත් වූයේ ද මෙයයි.
එමර්සන් උප ජනාධිපතිධුරයෙන් ඉවත් කිරීමෙන් පසු සානු පී.එෆ් පක්ෂය තුළ ද බෙදීමක් හට ගත්තේය.හරාරේ නුවර සානු පී.එෆ් පක්ෂය මූලස්ථානයට රැස් වූ එම පක්ෂයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන් මේ වනවිටත් මුගාබේ ද ඉරණම තීරණය කර තිබේ.
අප්‍රිකානු දේශපාලනයේ උදාර මහළු මිනිසා යනුවෙන් හැඳින්ව වූ මුගාබේ අධිරාජ්‍ය විරෝධී නිදහස් නායකයකු ලෙසින් ද හැඳින්විණි. අධිරාජ්‍යවාදී සටනේදී නායකත්වය දීම නිසා ගෞරවාදරයට පත්ව සිටියත් කාලයත් යත්ම ඇතැම් පිරිස් මුගාබේ ඒකාධිපති නායකයකු ලෙසින් හඳුන්වන්නට වූහ.
යුරෝපය තුළ යම් ගෞරවයක් හිමි කරගෙන තිබූ මුගාබේ 1990 වනවිට ඔහුගේ සත්‍ය තත්ත්වය පෙන්නුම් කරන්නට වූයේ රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. එම දශකයේදී සුදු ජාතිකයන් සතුව තිබූ ඉඩම් අත්පත් කරගනිමින්, විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් තම පාලනය වෙනතකට යොමු කළේය.
මුගාබේ පාලනය මේ වනවිට නිල වශයෙන් නොවූවත් අවසන් ව තිබෙන අතර හමුදාවේ මැදිහත් වීමත් මුගාබේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමත් බොහෝ සිම්බාබ්වේ වැසියන්ගේ සතුටට හේතු වී තිබේ.
මේ අතර මුගාබේ ජනාධිපතිවරයා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමත්, එමර්සන් පක්ෂ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් සිම්බාබ්වේ වැසියන්ගේ ප්‍රබෝදය හේතු වී තිබෙන අතර සිම්බාබ්වේ දේශයේ යුද විරුවන් ලෙසින් හැඳින්වෙන එරට හමුදාවේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය හිමි ව ඇත්තේ ද එමර්සන්ටය.
055

