මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳ සැලක් වටලයි


(ඉන්දිකා රාමනායක)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ කිරිබත්ගොඩ ඖෂධ අලෙවි සැලක් අද (19) පස්වරුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් වැටලු බව එම අධිකාරිය පවසයි.

මුඛ ආවරණ සඳහා රජය මගින් රුපියල් 50 ක උපරිම සිල්ලර  මිලක් නියම කර තිබියදී මෙම ස්ථානයේ රුපියල් 90 ත් - 100 ත් අතර මිලකට මුඛ ආවරණ අලෙවි කරන බවට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබිණි.

වැඩි මිලට අලෙවි කරමින් තිබූ මුඛ ආවරණ 59 ක් අධිකාරිය  භාරයට ගත් බවත් සැකකාර  ඖෂධහල් හිමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය පවසයි.

මෙම මුඛ ආවරණ කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිර්දේශ නොකළ ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවද අධිකාරිය වැඩිදුරටත් පවසයි.