මුඛ ආවරණ වල හිඟයක්


(රංජන් කස්තුරි)

මේ වනවිට රටපුරා ඔසුසල්වල මුඛ ආවරණ වල දැඩි හිඟයක් පවතින බව වාර්තාවේ.

ඇතැම් රෝගීන්ට රෝහල් කරා යාමේදී මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි හෙයින් ඔවුහු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

වකුගඩු රෝගීන්ට රුධිර කාන්දු කරණය කිරීමට රෝහල්වලට යෑමේදී මුඛ ආවරණ පැළඳ එන්නැයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතැත් ඒවායේ හිඟය නිසා ගැටළු මතුව ඇතැයිද එම රෝගීහු කියති.

මේ පිළිබඳව කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළේ මුඛ ආවරණ පැළඳීම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිර්දේශ කර නැති බවය.