ජයන්ත සමරකෝන්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඊළඟ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
කුරුණෑගල රෝහලේ ෂාෆි වෛද්‍යවරයාට වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවලට නිසි පියවරක් නොගැනීම නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යනුකූලව පවරා නොගෙන ඊට රජයේ මුදල් ගෙවීම ඇතුළු සෞඛ්‍ය කරුණු ගණනාවක් යටතේ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (31) අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ පක්ෂ නායකයින් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ගනු ලබන තීරණයෙන් පසුව මෙම දෙවැනි විශ්වාසභංගය ඉදිරිපත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව කීය.

