කොස්ලන්දේ මීරියබැද්දේ වැහිබර කාලගුණයත් සමග කන්ද මුදුනෙන් සිට බොර ජල පහරක් පහළට ගලා ඒම නිසා කැනීම් මින් මද වේලාවකට පෙර අත්හිටැවිණි.
1500කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයෝද ඔවුනට සහාය දෙන තවත් පිරිසක්ද අද (4) හත්වැනි දිනටත් මෙහෙයුම් අරඹා පැය කිහිපයකට පසු මේ තත්ත්වය උදා විය.මෙහෙයුම් කරන ත්‍රිවිධ හමුදාවට ,පොලීසියට හා සහන සේවකයින්ය ශබ්ධ විකාශන මඟින් දැනුම් දුන්නේ වහාම එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.
මේ අතර උතුරු මහ ඇමැති සී විග්නේෂ්වරන් මහතා මීරියබැද්දටද අවතැන් කඳවුරුවලට ද ගියේය.
අද සොයාගත හැකි වුයේ පිං කැටයක් හා ඇඳක් පමණි.මළ සිරුරු කැබැලි කිහිපයක් හා සිරුර අටක් සොයා ගත් බව පොලීසිය කියයි.


