මීරිගමදී පාසල් සිසුවෙක් දුම්රියට බිලි


මීරිගම හා විජය රජදහන දුම්රිය ස්ථාන අතර කිරිමැටිඋල්ල ප‍්‍රදේශයේදී  පාසල් සිසුවකු දුම්රිය පාර හරහා ගමන් කරද්දී මහනුවර සිට මාතර බලා ගමන් කළ ශීඝ‍්‍රගාමී දුම්රියේ හැපීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ මීරිගම බණ්ඩාරනායක මහ විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මොහොමඩ් අයාෂ් 11 නැමති පාසල් සිසුවාය.

අධිකරණ නියෝග මත පානදුර ළමා නිවාසයක රඳවා සිටි මෙම දරුවා වසර හතරකට පමණ ඉහතදී මීරිගම අම්බන මහා බෝධි ළමා නිවාසයට යොමු කිරීමෙන් පසු මෙහි සිටිමින් අධ්‍යාපන කටයුතුවල යෙදී ඇතැයි පොලිසිය පවසයි. 

SAM_8699 SAM_8701 SAM_8702 SAM_8704