පුෂ්පකුමාර මල්ලවආරච්චි
මීරිගම නගරයේ පැවැති පෙරහරක් බැලීමට පසුගිය 24 වෙනිදා ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කොස්ඇටදෙනිය කනිටු විදුහලේ ඉගෙනුම ලබන හල්පේ ප‍්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
මෙම සිසුවා නිවස අසල පදිංචි තවත් දරුවකු සමඟ පෙරහැර බැලීමට ගොස් ඇතැයිද එහිදී ඔවුන්ට හමුවූ රැවුල වවා සිටි පුද්ගලයකු දුරකනයක් දෙන බව කියා මෙම දරුවා කැදවාගෙන ගිය බවට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය සොයා බලන බව පොලිසිය කියයි.
මෙම සිසුවා සමඟ ගිය බව කියන අනෙක් සිසුවා යලි නිවසට පැමිණ ඇති අතර මෙම සිසුවා ගැන සොයා බලා තොරතුරක් නොලැබුනු පසු සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

