මීරිගම ප්‍රා.ස.අය වැය සම්මතයි


(පුෂ්ප කුමාර මල්ලවආරච්චි) 

මීරිගම ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය සභාපතිවරයාගේ අයවැය යෝජනාවක්  නොවන බවට චෝදනා කරමින් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්  ඉවත් වී යාමෙන් අනතුරුව  ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 28 දෙනාගේ ඒකච්ඡන්දයෙන්   අද ( 25) සම්මත විය.

ජාතික ජන බලවේගයේ සුමිත් මහින්දලාල් සභාපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය ලේඛනය  25 සභාවට ඉදිරිපත් කළේය .

සරත් නන්දසිරි රනතුංග ( පොදු ජන පෙරමුණ), සෝමරත්න දේනෙත්ති (සර්ව ජනබලය)    කුමාර ගජනායක (ජාතික ජනතා පක්ෂය) ශිරාණි නිල්මිණි ( සමගි ජන බලවේගය)  මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය  ලේකම්වරියගේ අයවැයක් බවට චෝදනා කරමින් එය නිවැරදි විය යුතු බව සඳහන්කළේය. 

සභාපතිවරයා  පිළිතුරු දෙන අවස්ථාවේ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් විරුද්ධතාවය  දක්වමින් සභා ගැඹෙන් පිටව යනු ලැබීය.

අනතුරුව පාලක ජාතික ජන බලවේග මන්ත්‍රීවරු සිය අදහස් දැක්වීමෙන් පසු අයවැය  සභා සම්මත කෙරිණි.මෙහිදී අදහස් දැක්වූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ පක්ෂයේ ක්‍රියාදාමය දැඩි ලෙස හෙලා දකින බව සඳහන් කළහ.