(ඩයනා උදයංගනී)
කොළඹ කොටුවේ සිට මීරිගම බලා අද පස්වරු 4.25ට ගමන් ආරම්භ කළ දුම්රියේ මැදිරි කිහිපයක් හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියෙන් වෙන්වීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ රාගම සහ මරදාන අතර දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය කියයි.
මෙම දුම්රිය ගමන් කර ඇත්තේ මංතීරු තුනකිත් යුත් දුම්රිය මාර්ගයේ තෙවන මංතීරුවේ වන අතර මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් ගත් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක ධාවනයට බාධා වී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරියේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ මැදිරි වෙන්වූ දුම්රියේ කේබලයට හානි වී ඇති බැවින් එය ඉදිරියට ධාවනය නොකර යළිත් ගෙන්වා ගැනීමට පියවර ගත් බවයි.
ඒ හේතුවෙන් එම දුම්රියේ ගමන් කළ ජනතාවට හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් වෙනත් දුම්රියන්ට මාරුවීමට සිදුවූ අතර ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්වූහ.

