මීරිගම ගරාජයක අවි ගබඩාවක්


(ඉන්දිකා රාමනායක)

 
මීරිගම  නාල්ල  ප්‍රදේශයේ  ගරාජයක් තුළ අවි  ගබඩාවක් පවත්වාගෙන ගිය  පුද්ගලයකු ගිනි අවි තුනක්, මාංචු කුට්ටමක්, උණ්ඩ, හා   හමුදා  හා පොලිස් නිළ ඇදුම්   සමග   අද  (19)  දහවල්   බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ  සහ  මිරිගම පොලිසියේ  කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
 
ගරාජ් හිමියෙක් වන මෙම  සැකකරුගේ ගරාජයේ හා නිවසේ තිබී සොයාගත්  භාණ්ඩ අතර 3.8 වර්ගයේ   පිස්තෝලයක්, ගල්කටස් ගිනි අවි දෙකක්, 3.8 වර්ගයේ  පිස්තෝල උණ්ඩ 64 ක්,  ටී 56  උණ්ඩයක්, පෑන් පිස්තෝල වලට යොදන උණ්ඩ  පතරොම් දෙකක්,  මාංචු කුට්ටමක්,   යුද හමුදා නිළ ඇදුම් කට්ටලයක්, පොලිස් නිල අඳුමට සමාන  රෙදි මීටර් 5 ක්,  සිවිල් ආරක්ෂක බලකායේ නිළ ඇඳුමට සමාන    රෙදි මීටර් 5 ක්, බුට් සපත්තු ජෝඩුවක්,  තිබු බව  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
මෙම සැකකරු ගිනිඅවි නිශ්පාදන සම්බන්ධයෙන් 1993 වසරේ අත්අඩංගුවට ගෙන  2000 වසරේ දක්වා සිරඳඩුවම් විඳ නිදහස ලබා සිටි සැකකරුවෙක් බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
 
මොහු  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා    කොල්ලකරුවන් ඇතුලු අපරාධකරුවන් වෙත මුදලට  ආයුධ සපයන්නෙක් බවට   පොලිසිය සැකකරයි.