ගංවතුරත් සමග ඇතැම් ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලයි. ‘ලෙප්ටෝස් ෆයිරෝසිස්‘ නම් වූ මේ රෝගයට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීම සුදුසු බව වෛද්‍යවරු කියති.
2012 වසරේ ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ බව කියන වසංග රෝග විද්‍යා අංශය මේ වන විට සතියකදී පොළොන්නරුවෙන් රෝගයට ගොදුරුවූවන් 10 දෙනකු වාර්තා වූ බව ද සඳහන් කරයි
මීයන් , ගවයන් ආදී වෙනත් සතුන්ගේ මුත්‍රා ආශ්‍රිතව වෙසෙන බැක්ටීරියාවක් ජලයට එක්වීමෙන් එම රෝගය මිනිසුන්ට ආසාධනය වන බව ද, පා වල තිබෙන තුවාල, ඇස් හා කටේ තිබෙන ශ්ලේශ්මළ පටලවලින් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුළු වන බව ද එම අංශය පවසයි.

