මීනගයා දුම්රිය හෙට සිට යළි ගමන් අරඹයි



 
 
මහින්ද නිශ්ශංක
 
දින 15 ක් පමණ ධාවනය නොවු කොළඹ- මඩකලපුව හා මඩකලපුව - කොළඹ දුම්රිය  චීන මැදිරි වෙනුවට රූමේනියන් මැදිරි යොදවා හෙට  (8) සිට නැවත ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

චීන මැදිරි සහිතව ධාවනය වු මෙම දුම්රිය දුම්රියන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කරන චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්  පසුගිය 24 වැනි දා සිට  අද (7) දක්වා ධාවනය නොවු බවද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් කීය.