මීතොටමුල්ලේ මියගිය අය වෙනුවෙන් මඩකලපුවේ පිංකම්


(ජවුෆර්කාන්)

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මරණයට පත් වූවන් සිහිකිරීමේ පිංකම් මඩකලපුව දිස්ත්‍රික්කයේ නොයෙක් තැන්වල පැවැත්විණි.

මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ටී.තිරුෂාන්ත්ගේ ප්‍රධාන්වයෙන් පැවැති පුණ්‍යානුමෝදනාවට  උපාධීධාරීහු විශාල පිරිසක් එක් වූහ.

මෙහිදී මරණයට පත් වූවන් වෙනුවෙන් මලින් හා පහන් දල්වා උපහාර පුද කළ ඔවුහු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූහ.

මීතොටමුල්ලෙහි විපතට පත් සියලු දෙනාටම ඉක්මනින්ම සහන සැලසීමට රජය පියවර නොගතහොත් තමන් ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණ සිදුකරන බවද රැකියා විරහිත උපාධිධරයෝ පැවසූහ.