මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචි කරුවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (25) නව නිවාස පිරිනැමිණි.
මෙහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් පසුගියදා නිවාස ලබාදුන්නේය.
මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 ක් බවත් එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් 250,000ක මුදලක්ද ලබාදෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමටද රජය ඉදිරියේදී කටයුතු කරන බව ද කියැවේ.

