මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන්


( ප්‍රසාද් මුතුකුඩ)

මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක්  රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල පමුණුගම  ප්‍රදේශයට පැමිණ   කුණු බැහැර කිරීමට සූදානමක්  ඇතැයි  ලද තොරතුරු මත එය වළක්වාලීමට ප්‍රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුර සිට බලාසිටි නමුත් පස්වරු 2.00  වනතුරුත්  කුණු රැගත් රථ නොපැමිණියේය. 

මීතොටමුල්ල කුණු පමුණුගමට ගෙන ඒමට ගම්මුන් ඉඩ නොදීමෙන් කිසියම් උණුසුම් තත්ත්වයක් හටගතහොත් එය පාලනය කිරීමට  මීගමුව පොලිස් කොට්ඨාසයෙන් නිලධාරින් සිය දෙනකු පමණ සීරුවෙන් තබා තිබු බව ද වාර්තා විය.