විනීතා එම් ගමගේ
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විපතට පත් ජනතාව වෙත බෙදිය යුතු ලිපි හා තැපැල් භාණ්ඩ සියල්ල කොලොන්නාව තැපැල් කාර්යාලයේ රඳවා ගෙන ඇතැයි වාර්තා වේ.
මීතොටමුල්ල කලාපයට ලිපි බෙදීම සඳහා තැපැල් කරුවන් දෙදෙනෙකු සිටින නමුත් ඔවුන් දෙදෙනා මේ දිනවල තැපැල් කාර්යාලයට වී සිටින බව ද විපතට පත් ප්‍රදේශයේ ජනතාව පවසති.
දේශිය ලිපි, විදේශිය ලිපි, ලියාපදිංචි තැපැල්, මෙන්ම පාර්සල් ද එහි තිනෙ බවත් ඔව්හු කියති.
විපතට පත් ජනතාව මේ වන විට රැඳී සිටින අවතැන් කඳවුරු වෙත ගොස් ලිපි ලබා දීමේ හැකියාව ඇතත් එවැක්නක් සිදු නොවන බව ද ඔව්හු පවසති.
මේ පිළිබඳව කොළොන්නව තැපැල් කාර්යාලයෙන් කළ විමසීමක දී එහි නිලධාරිකෙු සඳහන් කලේ ලිපි සියල්ල තැපැල් කාර්යාලයේ ඇති බැවින් හිමිකරුවන්ට පැමිණ ඒවා ලබා ගත හැකි බව ය..
එහෙත් රාජ්‍ය ආයතන වලට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ සියලු රාජ්‍ය ආයතන මෙම වපතට පත් ජනතාව වෙනුවෙන්සේවා සැපයිය යුතු බව ය.

