(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ දාම්පේ බායිගේවත්ත ප‍්‍රදේශයේ ගල් වළක තිබී අද (14) උදෑසන මිනිස් අස්ථි කැබැලි කිහිපයක් හමු වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
මිනිස් හිසකට සමාන අස්ථි කැබැලි කිහිපයක් ගල් වළක තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මීගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් ගොස් පරීක්ෂා කිරීමේ මිනිස් හිසකට සමාන හිස් කබලක් සහ අස්ථි කැබැලි කිහිපයක් හමු වූ බවද පොලිසිය පවසයි.
අදාල ගල් වල දෙසින් මොනරු කෑ ගසන හඩ ඇසී කුඩා දරුවන් මොනරු බැලීමට ගල්වල දෙසට ගිය අවස්ථාවේදී පළමුවෙන්ම හිස් කබලකට සමාන දෙයක් දැක කුඩා ළමුන් ඒ පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කර ඇත. පසුව ප්‍රදේශවාසින් මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.
මෙම ගල්වල ආසන්නයේ නිවසක සිටි ආබාධිත පුද්ගලයෙකු මියට මාසයකට පමණ පෙර අතුරුදන්ව ඇති බවට පොලිසිය පැමිණිල්ලක් ලැබී ඇති බවත් මෙම අස්ථි කොටස් අදාල පුද්ගලයාගේම ද නැතහොත් වෙනත් අයෙකුගේ යන්න පිළිබඳව පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය සඳහන් කළේය.