මීගහකිවුල වෙල් යායක ගිලා බැසීමක්


(නිශාන්ත කුමාර)

මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න වෙල්යායේ ඉකුත් 21 වැනිදා පෙරවරුවේ ගිලා බැසීමක් සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි තල්දෙන යහලතැන්න වෙල්යායේ කෙත් ඇළක් සමීපයේ ද ඊයේ සවස 5.00 ට පමණ විශාල ගිලා බැසීමක් සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම ස්ථානයේ  තණකොළ කමින් සිටි ගවයෙකු හිටි හැටියේම කෑ ගසන හඩ ඇසී එහි දිව ආ පිරිසක් මෙම ගිලා බසීම දැක ඇති අතර වළ තුලට ඇද වැටී සිටි ගවයා ගොඩගැනීම සදහා ඔවුන්ට මහත් පරිශ්‍රමයක් දැරිමටද සිදුව ඇත.

මෙම ගිලා බැසීම සිදුවු ස්ථානයේ අඩි 6-10 ක පමණ විෂ්කම්භයෙන් යුත් වළක් මතුවී ඇති අතර දෝනාවක් සේ පැත්තකට විහිදී  ගිය වළෙහි ගැඹුර කොතෙක්දැයි කිව නොහැකි බවත් ඇළ මාර්ගයේ ගලා එන ජලය වළට වැටී අතුරුදන්වන බවත් ගම්වාසීහු පැවැසූහ.