කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ පාසල් සිසුවා සම්බන්ධයෙන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් පරස්පර විරෝධී හා ආචාර ධර්මවලට පටහැනි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇතැයි මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.
මේ ගැන විමසීමට ඔහු කැඳවීමටද කොමිසමේ සභාපති ප්‍රියන්ත පෙරේරා හා නිමල් පුංචිහේවා මහත්වරු තීරණය කළහ.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා එක් වාර්තාවක්ද සැප්තැම්බර් 30 වැනිදා තවත් වාර්තාවක්ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදැයි කොමිසමේදී කියැවිණි.
පාසල් සිසුවා වෙනුවෙන් නීතීඥ තරංජග වීරසිංහ මහතා ද, කැළුම් අත්තනායක නම් එක්දරු පියා වෙනුවෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ද පෙනී සිටියහ.
පැමිණිල්ල ඉදිරිපත් කැරුණේ ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින්ය.




