(මහින්ද නිශ්ශංක)
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (14) උදේ 8.35 සිට අනිද්දා (15) රාත්‍රී 8.00 දක්වා මීගමුව හා කටුනායක දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය ගමනා ගමන අධිකාරී කාර්යාලය පවසයි.
මෙම කාලය තුළ දුම්රිය ධාවනය සිදු වනුයේ කොළඹ කටුනායක හා පුත්තලම, හලාවත -මීගමුව අතර බවද අධිකාරී කාර්යාලය කියයි.

