(ප්‍රසාද් මුතුකුඩ )
මීගමුව මහ රෝහලේ කාන්තා හෙද නේවාසිකාගාරයේ සවිකර තිබු සිසිටිවි කැමරා පද්ධතියේ ප්‍රධාන කැමරාව කිසියම් පුද්ගලයකු කඩා ඇති බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක වෛද්‍ය සුගත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
සිසිටිවි කැමරාව සවිකර තිබු නේවාසිකාගාරයේ පළමු මහලේ කාමරයක සිටිය බව පැවසෙන හෙදියන් දෙදෙනෙකුගෙන්ද මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති බව මීගමුව රොහලේ උසස් වෛද්‍ය නිලධාරියකු පැවසීය.
රෝහලේ ආරක්ෂක කැමරා සවිකිරීම පිළිබදව තීරණ ගැනීමේදි කාන්තා හෙදියන් කීප දෙනෙකු ඊට එරෙහිව කටයුතු කර තිබුද බවත් ශෛල්‍යාගාරයකට සම්බන්ධ කාන්තාවක් නෙවාසිකාගාරය තුළ යම් අකටයුතු ක්‍රියාවන් සිදු කරමින් සිටින බවට පැමිණිලි කිහිපයක් රෝහල් බලධාරින්ට ලැබි ඇති බවත් වාර්තා වේ.

