මීගමු කලපුව දූෂණය වෙලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මිනිස් ක්‍රියාකාරකම් නිසා මීගමුව  කලපුව දූෂණය වී ඇතැයි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවැසීය.

ප්ලාස්ටික්,ෆයිබර් හා ඔයිල්  වර්ග වලින් ඒ කලපුව දූෂණය වී ඇති අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එම කලපුව පිරිසිදු කිරීම රජයේ අරමුණු බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

"අප මේ අයවැය ආර්ථික විනයක් ඇතිව ඉදිරිපත් කර තිබෙනවා මෙය පුරවැසි අයවැයක් ලෙස හඳුන්වා දිය හැකියි.සාමූහික ප්‍රයත්නයක් ලෙස සමස්ත පොදු ජනතාව වෙනුවෙන් සියලු ජන පන්තීන් ඔසවා තබන්නට මෙන්ම දුප්පත්කම තුරන් කරන්නට අයවැය ඉදිරිපත් කර තිබෙනවා.බිඳ වැටුණු ආර්ථිකය අප ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට රැගෙන වී තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.