මී හරක් එගොඩ කරන්න ගිහින් කිඹුලාට බිලි


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ,පොතුවිල් , කොඩයිල් රොක් ප්‍රදේශයේදි  දූව ගංගාවෙන් මීගවයින් එගොඩ කරමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකු  ඩැහැගෙන ගොස් ඇති බව පොතුවිල් පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පොතුවිල් පචරච්චේන ප්‍රදේශයේ පදිංචි ඒ අමින් නැමැති පුද්ගලයෙකි.

අතුරුදන් වු අය සොය පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර  මළ සිරුර සොයා ගැනිමට නාවික හමුදාව සමත් වි තිබේ.