වල් අලින් ගම් බිම් වලට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ද මීමැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපාරයක් හඳුන්ගමුවේ වෙහෙරගලින් අරඹයි.
ඕස්ට්‍රේලියාවේ නිව් කාසල් විශ්ව විද්‍යාලයේ කයිල් බට්ලර් එම පර්යේෂණය කරගෙන යයි.
කෙන්යාවේ, ටැන්සානියාවේ හා තායිලන්තයේ මෙවැනි පර්යේෂණ කර ඇති බට්ලර් ඔහුගේ දර්ශනපති උපාධිය සඳහා තෝරාගෙන ඇත්තේ මීමැස්සන් යොදවා අලින් ගම් වැදීම වැළැක්වීමේ පර්යේෂණයයි.
අලිමංකඩෙහි තබන මීමැසි පෙට්ටිවල සිටින මීමැස්සන්ගේ ‘ගුමු ගුමු‘ නාදයට අලින් නොකැමති බවත්, ඒ ශබ්දය ඇසෙන විටම අලින් එම සීමාව අසළටවත් නොඑන බවත් ඉන්දියා වන සත්ව දෙපාර්තමේන්තුව කේරළයේ කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
කේරළ ව්‍යාපෘතිය සාර්ථක බව ද ඉන්දියාව කියයි.
බට්ලර්ගේ ශ්‍රී ලංකා පර්යේෂණයට ශ්‍රී ලංකා වන සත්ත්ව ආරක්ෂණ සංගමයේ හා අලි ඇතුන් බේරා ගැනීමේ සංවිධානයේ ද සහාය ලැබෙයි.
බට්ලර් පරිසර විද්‍යාවේදියෙකි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමෙන් දෙපාර්ශවයටම බරපතල හානි සිදු වෙයි.







