(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව, ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පිරිසක් ඊයේ (18) සවස වලසුන්ගේ පහරදීමට ලක් වීමෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි.
මදර්පනික්කමහිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු තවත් පුද්ගලයින් දෙදෙනක් සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි 6 දෙනෙකුගෙන් යුත් වලස් පැටවුන් සමඟ සිටි වැළහින්නකගේ පහරදීමට ලක්වී තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලසුන්ගේ පහර දීමෙන් දැඩි ලෙස තුවාල සිදුව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.