මිහිරංගි...


ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්... සම්පූර්ණ නම: ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා උපන්නෙ කොහෙද?: බලන්ගොඩදී වයස: අවුරැදු 21 යි සමත් විභාග: සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙන ගත් පාසල: බලංගොඩ ශාන්ත ඇග්නට් සහ ශිෂ්‍යත්ව සමත්ව මීගමුව නිව්ස්ටඩ් ලග්නය: කුම්භ ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: පවුලේ විස්තර ? අම්මා, තාත්තා, අයියා, නංගි   උසස් පෙළ සමත් කිව්වා නේද ? ඔව්.   එතැනින් එහාට අධ්‍යාපනය නොකළේ ? සරසවි වරම් දක්වා සුදුසුකම් තිබුණා. ඒත් එදා ඉඳලම සරසවිය මට එතරම් ප්‍රියජනක වුණේ නැහැ. සරසවි උනන්දුව තිබුණේ නැහැ.   ඇයි ඒ ? දන්නේ නැහැ.   මොනවගේ උනන්දුවක්ද තිබුණේ ? කුඩා කාලයේ ඉඳලම චිත්‍රපට නරඹන්න ආසා කළා. ලොකු වෙද්දි ගුවන් සේවිකාවක වෙන්න හිතුණා. ඔෆිස් ජොබ් එකකට කවදාවත් කැමති වුණේ නැහැ.   ගුවන් සේවිකා සිහිනය ? ඒක දැන් නැහැ.   දැන් ගුවන් සේවයට යන්න බැරිද ? බැහැ කියලා හිතෙනවා.   ඔබට එක අරමුණක් නැහැ වගෙයි ? අරමුණක් නැතිව කාටවත් වැඩ කරන්න බැහැ.   මොකක්ද අරමුණ ? අහම්බෙන් ආපු රඟපෑමේ ගමන හොඳට කරමින් මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි අරමුණ.   ඒ කියන්නේ ජනප්‍රියත්වය ආභරණයක් කරගෙන කටයුතු කිරීම ද ? මට ජනප්‍රිය උණ රෝගය නැහැ. ඒක එහෙම අයගෙන් අහන්න. සමහර අය ආව ගමන් පිපිරිලා යනවා. ඊට පස්සෙ හිටපු තැන් සොයා ගන්නත් බැහැ. මම ඒ රුල්ලෙ කෙනෙක් නෙවෙයි.   ඒ කියන්නේ ඔබ වඩා ජනප්‍රිය චරිතයක‍්ද ? කොහෙත්ම නැහැ. සාමාන්‍ය පිරිසක් දන්න හඳුනන කෙනෙක්.   ඔබගේ තරමට අනුවද වැඩ කරන්නේ ? ඔව්, අනිවාර්යෙන්ම එහෙමයි.   එතකොට රඟපෑම වෘත්තිය නොවේද ? වෘත්තියම නෙවෙයි. මගේ හීනය සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. නමුත් දැනට රංගනයට උපරිම කැපවීම කරනවා.   කැම්පස් යන්න හැමෝටම වරම් ලැබෙන්නෙ නැහැ. ඒක පිනක්. ඔබ ඒ පිනට පයින් ගහලා කිව්වොත් ? ඒ පරිසරය ගැන පොඩි කාලයේ ඉඳලම මට පැහැදීමක් තිබුණෙ නැහැ.   දෙමාපියන් හරස් වුණේ නැද්ද ? කිසිදේකට මට බල කළේ නැහැ. අපට යහපත් මාර්ගය කියලා දුන්නාට අපේ ජීවිතවලට සීමා දැම්මෙ නැහැ.   ඒ කියන්නෙ ඉගෙන ගෙන පිළිගත් තනතුරක් අවශ්‍ය නැහැ කියන එකද ? මේ ලැබුණු දේට මම උපරිමව ගරු කරනවා. ඒ වගේම කැපවෙනවා.   සිරස කුමරියගෙන් පසුව, රංගනයට, ඊ ළඟට දැන්වීම්වලට පෙනී සිටි ඔබ තරු වැඩසටහන්වලට අමතරව වැඩසටහන් නිවේදනයටත් එක් වුණා ඊළඟට මොනවද කරන්නෙ?  මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ? දැනට එච්චරයි.   ඒ සියල්ල හොඳින් කළා කියලා හිතෙනවද ? දන්නෙ නැහැ. ලැබුණු දේ උපරිමයෙන් කළා.   මේ සියල්ල කරන්නෙ මුදල් මුල් කරගෙනද ? මුදල් අවශ්‍යයි. ඒත් මුදල් මුල් කරගෙනම නෙවෙයි. මම කාටවත් මේ දක්වා අත පාලා නැහැ. ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වෙනවා.   ඔබ හරි මුරණ්ඩුයි නේද ? ටිකක් විතර.   ඇයි එහෙම වෙන්නේ ? ඒ මගේ හැටි.   ඇත්තටම ඔබ කවුද ? මම ශලනි.   කොහොම කෙනෙක්ද ? මගේ පිටතින් එකක්. ඇතුළාන්තයෙන් එකක් කියලා දෙබිඩි ජීවිතයක් නැහැ. මවා ගත්ත ලෝකයක් නැහැ. ඉක්මනට කේන්ති යනවා. ඒ මොහොතේදීම සෑම දෙයක්ම විසඳගන්නවා.   තරුණියක ලෙස සම්මතයට අනුව ජීවිතය ගෙවනවා කියලා හිතෙනවාද ? අසම්මත දේවල් කරලා නැහැ.   ආදරේ දී වුණත් එහෙමද ? ඔව්.   පෙම්වතුන් කීප දෙනෙකුට එකවර ආදරය කිරීම ? මට එහෙම පහත් මානසිකත්වයක් නැහැ. යම්කිසි කෙනෙකුට හිත ගියොත් ගියාම තමයි. එතකොට මම එයාට උපරිමයෙන් ආදරය කරාවි.   ළඟදී විදෙස් සංචාරයකට යනවා නේද ? ඔව්, කොරියා සහ ලන්ඩන් යනවා.   මොකටද ? නර්තන සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වෙන්න.   සංගීතයත් පුළුවන්ද ? තරමක් දුරට.   සිහින පියාපත් ‍"මිහිරංගි" ගැන ඔබට හිතෙන්නේ කොහොමද ? ලොකු වෙනසක්. හැබැයි ඒ මම නෙවෙයි. මම කළ වෙනස්ම චරිතයක්. මට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තූතියි කියලා කියන්න කැමතියි.
සටහන / ඡායාරුප - සඳුන් ගමගේ