මිහින්තලේ හිටපු අධිපතිට උසාවි වාරණයක්


මිහින්තලය රජ මහා විහාරයට ලැබෙන පුණ්‍යාධාර, මුදල් ඇතුළු විහාර දේ‍පළ පරිහරණය හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියනට තහනම් කරමින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි හේවාවසම් මෙනවිය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළාය. නව විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා මගින් පෙත්සමක් ගොනුකරමින් කියා සිටියේ පෞද්ගලික පරිහරණය සඳහා අවශ්‍යම දෑ හැර විහාරය සතු කිසිවක් පරිහරණය කිරීමට ඉඩ නොදෙන ලෙසයි. රතනසාර හිමි විහාරාධිපති පදවිය බාර නොදී එහි බලෙන් රැඳී සිටී. ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස රතනසාර හිමියනට නියෝග කැරිණි. මල්වතු විහාර සංඝකාරක සභාව ඒ හිමියන් විහාරාදිපති පදවියෙන් නෙරපා හළේ භික්ෂුත්වයට නොගැලපෙන සිද්ධියක් සම්බන්ධයෙනි.