මිහින්තලේ සලෙලු රටේ නමත් කති


මිහින්තලේ ආරාධනා ගල  පාමුලදී නවසිලන්ත  කතක් වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් අතවර කරන්නට තැත්කළ පිරිසක් පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතාගේ  අනින් අත් අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ අරඹා ඇත. එම කාන්තාවගේ සැමියා ආරාධනා ගලෙහි නැගි සිටියදි බිරිඳගේ කෑ ගැසීම අසා පහලට බැස ඇතැයිද අවට සිටි පිරිස ඇය සල්ලාල ග‍්‍රහණයෙන් මුදාගෙන ඇතැයිද අද රෑ බෝවූ පසුවද ඔවුන් දෙදෙනා මිහින්තලේ පන්සලේ සිටි බවද විහාරවාසී වලහා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.