මිහින්තලේ ප්‍රා.ස. උප සභාපති රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ තැරැව්කරුවකු මගින් ලබාගත් බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා  ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලෝචනී අබේවික‍්‍රම මහත්මිය අද (01) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත් එදිරිසිංහ නමැත්තා ය.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කර සිටියේ මෙම සැකකරු දේශපාලන කටයුතුවල නිරත පුද්ගලයකු වන අතර මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන බවය.

මෙම සැකකරු ඉකුත් 08 වැනිදා බම්බලපිටිය ප‍්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටියදී තැරැව්කරුවකු මගින් අදාළ බාලවයස්කාර දැරිය හෝටලයට ගෙන්වාගෙන ඇති බවත් එහිදී දැරිය දුෂණයට ලක්ව ඇති බවත් එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

(ජායාරූප: රොමේෂ් ධනුශ්ක සිල්වා