( දිල්රුක්ෂි ග්‍රේරු )
මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට සහ පොසොන් සතිය , මිහින්තලා පෙරහර ජාතික උත්සවයක් ලෙසද ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
විශේෂිත පිංකම් හා චාරිත්‍ර සමඟ පොසොන් උත්සවය ජාතික උත්වයක් ලෙස පැවැත්වීමේදී ඇතිවන දුෂ්කරතාවයන් අවම කිරීම මෙහි අරමුණවේ.
මෙම පිංකම් සඳහා දැනට ලබාදෙන රාජ්‍ය අනුග්‍රහයට ඉහළ දායකත්වයක් ලබා දීමට සහ පෙරහර සඳහා වාර්ෂිවකව ප්‍රතිපාදන සලසා දීම ද මෙමගින් සිදු වේ. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මගින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමි වී ඇත.

