මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ මීගමුව කම්කරු අධිකරණයේ නඩුවකට යමින් සිටියදී කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණි පිරිසක් නුගේගොඩ සුභද්‍රාරාම හන්දියේදී ඔහුට තර්ජනය කර නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණකය, පෙන් ඩ්‍රයිව් එක හා කබායද සමග රුපියල් 2,45,000ක මුදලක්ද පැහැරගෙන ගිය බවට පැමිණිල්ලේ සඳහන්ය.

