මිහිකත රූ රැජින ලංකාවේ ගෙවූ දවස්


2013 මිහිකත රූ රැුජිණ (සුළඟ) MS Earth (Air) අංශයේ කිරුළ දිනූ ඔස්ටි‍්‍රයා ජාතික සුරූපී කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ 2014, දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිණ අවසන් තරඟයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමටය. දන්ත වෛද්‍යවරියක වන නමුදු සුරූපී කාටියා කටයුතු කරන්නේ වෘත්තීය රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේය. ඔස්ටි‍්‍රයාවේ වියානාහි ඇය සතුව "Nails (2) go" නමින් රූපලාවන්‍ය ආයතනයක් ඇත. දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ආචාර්ය උපාධිය සඳහා තවදුරටත් උසස් අධ්‍යාපනයෙහි යෙදීසිටින කාටියා ඔස්ටි‍්‍රයාවට අභිමානයක් ගෙනදුන් සුරූපිනියකි. ලෝක රූ රැජිණ තරගයකදී ඔස්ටි‍්‍රයාවට ජයග‍්‍රහණයක් ලබාදුන් ප‍්‍රථම තරුණිය ඇය වීම ඊට හේතුවය. ඔස්ටි‍්‍රයාවේ වියානාහිදී උපත ලද කාටියා වියානා සරසවියේ උපාධිධාරිණියකද වන්නීය. 1988 දී උපත ලද කාටියා හට ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, රුසියානු සහ ඉන්දුනීසියානු භාෂා පුළුවනි. ඇයගේ පියා ඉන්දුනීසියාවට සහ චීනයට උරුමකම් කියන ජාතිකයෙකි. මව ඔස්ටි‍්‍රයානු කාන්තාවකි.

DSC_5823

”මගේ මව හරිම උසයි, ඒත් තාත්තා හරිම මිටියි. නමුත් ඒ දෙන්නගෙ ආදරයට උස් මිටි භේදයක් නැහැ.” කාටියා පවසන්නීය. වැඩිමහල් සහෝදරයකු ඇයට සිටී. සුරූපී කාටියා ශ්‍රී ලංකාවේ ගතකළ දින කීපය ගෙවා දැමුවේ මෙලෙසිනි.

01 කාටියා ඔබ ලංකාවට පැමිණියේ කවදද?

ජූලි 30 වැනිදා පාන්දර

01 ශ්‍රී ලංකාවට ආවාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?DSC_5816

කොහොමටත් මම ආසියාවට කැමතියි. මේ වගේ සුන්දර රටකට ඒමට මට අවකාශය ලබාදුන් ”දෙරණ” ආයතනයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට  ඕනෑ.

01 කොහොමද මෙහිදී ලැබුණු පිළිගැනීම?

ශ්‍රී ලාංකීය සම්ප‍්‍රදායට අනුව නැටුම් සහ බෙර වැයුම් සමග ඉතා උණුසුම් අයුරින් මාව පිළිගත්තා. එදින රාත‍්‍රී කොළඹ හිල්ටන් හෝටලයේ මා වෙනුවෙන් විශේෂිත පිළිගැනීම් උත්සවයක් තිබුණා.

01 ජූලි 30 දා රාත‍්‍රියේ?

එදා රාත‍්‍රී විශේෂිත ප‍්‍රියසම්භාෂණයක් පැවැත්වුණා. ඒ වෙනුවෙන් මෙරට විවිධ ක්ෂේත‍්‍රවලට අයත් ජනප‍්‍රිය චරිත මා සමග එක්ව සිටියා.

01 ජූලි 31 වැනිදා

වැලිමඩට ගියා. වැලිමඩ ගුරුතලාවෙදි මට විශේෂිත පිළිගැනීමක් ලැබුණෙ. ”මිකල් හීල්ඞ්” කියන කාබනික ගොවිපළ විවෘත කළා. රසායනික පොහොර නොයොදා එළවළු වවන ලංකාවේ විශාලතම ගොවිපළ එයයි. ඊට පෙර උදය ගම්මන්පිල මහතා මුණගැහුණා. ඔහු මට රන් ආලේපිත ඇත් රූපයක් තෑගිකළා. අපි පරිසර වැඩසටහන් ගැන කතාකළා. ගුරුතලාවෙදි මම පරිසරය සුරැකීම ගැන දේශනයක් පවා කළා. කොහොමටත් ලෝකයේ පරිසරය සුරැකීම සම්බන්ධව කෙරෙන ව්‍යාපෘතිවලට මා දායකවෙනවා.

01 වැලිමඩදී ඒවාට විතරද සහභාගී වුණේ?

සමනලූන්ගේ විස්තර ඇතුළත් ලංකාවේ ප‍්‍රථම සමනළ කෞතුකාගාරය විවෘත කළා. මා වෙනුවෙන් දිවා ආහාරයක් පිළියෙළ කර තිබුණා. කාබනික පොහොර යොදා වගාකළ එළවළු තමයි ආහාරයට ගත්තෙ.

01 අගෝස්තු 1 වැනිදාDSC_5689

ඓතිහාසික කැලණි විහාරයට ගියා. කැලණි විහාරාධිපති නායක හිමි පිරිත් නූල් මට ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි. මම උන්වහන්සේගෙන් බුදුදහම ගැන බොහෝ දේ දැනගත්තා. බුදුදහමට කොහොමටත් මා ලැදියි. එය ජීවිතය අරුත්බර කරවන ශ්‍රේෂ්ඨ දර්ශනයක්. උන්වහන්සේට මගේ ගෞරවය පුදකළා. උන්වහන්සේ මට තැඹිලිවලින් සංග‍්‍රහ කළා. ලංකාවේදි මගේ ප‍්‍රියතම පානය වුණේ තැඹිලි වතුරයි.
එදින සවස කොළඹ කෞතුකාගාරය නැරඹීමට ගියා. එහිදී ලංකාවේ යුග ගැන දැනගත්තා. රාජසිංහ රජුගේ පුටුව පවා දැකගත්තා. ඊළඟට පාර්ලිමේන්තුවටත් ගියා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විස්තර ගොඩාක් දැනගත්තා. එහිදී මට පොතකුත් තෑගි ලෙස ලැබුණා. තේ පැන් සංග‍්‍රහයකුත් ලැබුණා. ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන්ගේ ඡයාරූප නැරඹුවා. එදා හවස සාප්පු සවාරියේ ගියා.

01 අගෝස්තු 2 වැනිදා

වස්කඩුව සිට්රස් හෝටලයට ගියා. ”දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා” 2014 අවසන් තරඟය පැවැත්වුණේ එහිදීයි. එහි ප‍්‍රධාන සම්භාවනීය අමුත්තිය වීම මා ලද භාග්‍යයක්. දෙරණට නැවතත් මගේ ප‍්‍රණාමය. ‘‘දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා’’ අවසන් තරඟයට සුරූපී තරුණියන් රැසක් සිටියා. ඒ අය ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වයටත් වඩා සුන්දරයි. මේ දෙරණ ඇත්තටම සුන්දරයි. මෙහෙම ඒමට ලැබීමත් මා ලද භාග්‍යයක්.

4 DSC_5698 DSC_5736 DSC_5785


sadun-gamage