ශ්‍රී ලංකාවේ බුද්ධි බලකායේ දිගු දුර මෙහෙයුම් අංශයේ නිලධාරීන් රැඳී සිටි මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ගැන තොරතුරු එළිකළ බවට චෝදනා කරමින් මහනුවර පොලිස් නිල සුනඛ අංශය භාරව සිටි හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පවරා ඇත.
නඩුව ලබන ජූලි 13 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් 10 දෙනකුට නියම කළාය.

