මිලේනියම් සිටි නඩුව සැප්තැම්බරයේ විභාගයට


අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිවාසයක රැඳී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු එළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව පවරා ඇති නඩුව  සැප්තැම්බර් මාසියේ සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (13) නියෝග කළාය.

විත්තිකරුවන් දස දෙනකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරිය නියෝග කළාය. 2002 වසරේ ජනවාරි 2 හා සැප්තැම්බර් 3 අතර කාලයේ කොළඹ , අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට හානි විය හැකි ආකාරයට කටයුතු කරමින් තොරතුරු රැස්කළ බවටද මිලේනියම් සිටි ආරක්ෂක නිවස වැටලීමටද එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා ඇත.