
(මනෝප්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ මෙහෙයවීම මත කුඩු බෙදා හැරීමේ යෙදී සිටි කාන්තාවක් හා තරුණයකු රුපියල් මිලියනයක හෙරොයින් තොගයක්ද සමඟ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
ටිකදිනකට කළින් අත්අඩංගුවට ගන්නා ලද මෙම කාන්තාව සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයකු විසින් හෙළි කරන ලද තොරතුරු වලට අනුව සිදුකළ වැටලීමකදී බෙදා හැරීම සඳහා රැගෙන යමින් තිබු හෙරොයින් තොගය සමඟ සැකකාරිය හා සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
රුපියල් මිලියනයක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් කොළඹ මිහිඳු මාවතේ පොලිස් සංවිිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හෙරොයින් ජාලය පිළිබඳ තොරතුරු හෙළි කරගැනීම සඳහා ඔවුන් දෙදෙනාගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් වැඩිදුර ප්‍රශ්න කරන බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුළත්මුදලි සහ සහකාර පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් කොළඹ මිහිඳු මාවතේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විමර්ශන කරයි.

