(මනෝප‍්‍රිය ගුණසේකර)
රුපියල් මිලියන දෙකක් වටිනා රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට ලබාදීම සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ ළඟ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් මහරගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්‍ෂ පහක දඩයක්ද අද (22) නියම කළේය.
මෙම දඬුවම් වලට අමතරව රුපියල් මිලියන දෙකක වන්දියක් දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට ගෙවන ලෙසද විනිසුරුවරයා විත්තිකරුට නියම කළේය.චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මහරගම ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන රොලිත් පෙරේරා නමැත්තෙකුටය.
2014 මාර්තු 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පාර්ක් වීදීයේදී කූඨ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු 503ක් දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට වංක ලෙස ලබාදීම සහ ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කිරීමේ උපකරණ ලඟ තබාගැනීම යන චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.
අත්අඩංගුවට ගන්නා ලද විත්තිකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වු තොරතුරු වලට අනුව සිදුකළ විමර්ශණ වලදී මෙම විත්තිකරුට අයත් ඇතුල් කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ස්ථානයකදී ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කිරීමට යොදාගන්නා උපකරණ හා පරිගණකද සොයා ගෙන තිබිණි.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී දුලාංජලී පේ‍්‍රමදාස මහත්මිය, රහස් පොලිසියේ ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් නලින්ද පරීක්‍ෂක ප‍්‍රියදර්ශණ මහතා ඇතුළු සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඒ අවස්ථාවේදී විත්තිකරු අධිකරණය අමතමින් මෙම චෝදනාවට තමන් වරද පිළිගන්නා බව දැනුම් දුන්හ. ඉදිරිපත් වු සියළු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස අත්හිටවු සිරදඬුවම්, දඩ සහ වන්දි නියම කළේය.

